චීන ආර්ථිකය පල්ලම් බසී.

Report

 ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා දක්වන්නේ චීනයේ ආයෝජනය කර ඇති විදෙස් සමාගම් වෙනදාට වඩා වේගයෙන් සිය මුදල් චීනයෙන් පිටතට යවන බව නිල දත්ත අනුව හෙළිදරව් වී ඇති බවයි.

ඒ සඳහා හේතු වී ඇත්තේ චීන ආර්ථික වර්ධනය දුර්වලවීම, පොලී අනුපාතික අවම අගයක පැවතීම සහ අමෙරිකාව සමඟ පවතින භූ දේශපාලන ගැටුම බවද සඳහන්.

මෙම සතියේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වෙන හමුව වෙත ලෝක අවධානය යොමුවී ඇත්තේ ද මෙම හේතුව නිසාවෙනි.

චීන ආර්ථිකය පල්ලම් බසී. | China S Economy Is In Decline

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බොහෝ ව්‍යාපාර මේ වනවිට විකල්ප වෙළෙඳපොළ වෙත සිය සැලසුම් සකස්කරමින් සිටින බවයි.

පසුගිය සැප්තැම්බර් මාසයෙන් නිමාවූ කාර්තුව තුළදී චීනයෙන් විදෙස් ආයෝජනවල ඩොලර් බිලියන 11.8ක හිඟයක් වාර්තා වී තිබෙනවා.

චීනයෙන් මෙවැනි තත්ත්වයක් වාර්තා වී ඇත්තේ 1988 වසරෙන් පසු පළමු වරට වීම ද විශේෂයකි. 

2023 ජනවාරියේ උසස් පෙළ පෙනී සිටි සිසුන්ට විශේෂ දැනුම්දීමක්.

2023 ජනවාරියේ උසස් පෙළ පෙනී සිටි සිසුන්ට විශේෂ දැනුම්දීමක්.