දැඩි විරෝධය මැද විශ්‍රාම වයස් සීමාව වෙනස් කරන්න යයි.. ඒ මෙහෙමයි..
By krishani
විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට සූදානමක් පවතින බවට තොරතුරු චීනයෙන් වාර්තා වේ.
මෙම තීරණය ගෙන ඇත්තේ එරට වයස්ගත ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ය.
එරට දැනට පවතින තත්ත්වය වන්නේ නාගරික ප්‍රදේශවල පිරිමින්ට වයස අවුරුදු 60 දීත් කාන්තාවන්ගේ වයස වෘත්තීය මත පදනම්ව 50දී හෝ 55දී විශ්‍රාම ගැනීමට වේ.
නමුත් ඉදිරි වසර 5 තුළ විශ්‍රාම වයස් සීමාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ දැමීමට සැලසුම් කර තිබෙනවා.
ජනගහනය හේතුවෙන් එරට උග්‍ර විශ්‍රාම වැටුප් අරමුදල් අර්බුදයකට මුහුණදීමට අවශ්‍ය පියවරක් ලෙස මෙය ගෙන ඇත.
කෙසේ වෙතත්, එම තීරණයට පුරවැසියන්ගෙන් එල්ල වී ඇත්තේ දැඩි විරෝධයක් ය.