චීනයේ දැවැන්ත නායයෑමක් පස් කන්දක් යට ජීවිත 16ක් සිරවෙයි

By Malith Madushan Jul 07, 2026 05:06 AM GMT
Report

චීනයේ බටහිර ගන්සු (Gansu) පළාතේ කඳුකර ප්‍රදේශයක සිදුවූ නායයෑමකින් පසු පුද්ගලයින් 16 දෙනෙකු පමණ තවමත් පස් යට සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනතුරින් මුලදී පුද්ගලයින් 33 දෙනෙකු සිරවී සිටි අතර, ඉන් 17 දෙනෙකු සාර්ථකව බේරාගෙන ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වන CCTV වාර්තා කළේය.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් විසින් මෙම ස්වාභාවික විපතට ලක්වූවන් බේරා ගැනීම සඳහා සියලු හැකියාවන් යොදා ගනිමින් කඩිනම් මෙහෙයුම් සිදුකරන ලෙස උපදෙස් ලබාදී තිබේ. කෙසේ වෙතත්, මෙම නායයෑමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මේ වන විට චීනයේ ප්‍රදේශ රැසකට දැඩි ගිගුරුම් සහිත වැසි සහ කුණාටු තත්ත්වයන් බලපා තිබේ.

චීනයේ ෂින්හුවා (Xinhua) පුවත් සේවය වාර්තා කරන්නේ, මධ්‍යම හුබෙයි (Hubei) පළාතේ නැගෙනහිර ප්‍රදේශයට සඳුදා රාත්‍රියේ බලපෑ දැඩි කුණාටු හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බවයි.තවත් එක් අයෙකු අතුරුදන්ව සිටින බවද සඳහන් වේ.

හුවාංෂි, හුවාං ගැං, එෂෝ සහ ෂියන්නිං යන නගරවලට දැඩි සුළං සහ වැසි තත්ත්වයන් බලපා ඇති අතර, එහිදී සුළගේ වේගය පැයට කිලෝමීටර් 149ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අඟහරුවාදා උදෑසන වන විට පුද්ගලයින් 275 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

මේ අතර, ඉදිරි පැය 24 තුළ චීනයේ ප්‍රදේශ කිහිපයකට ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබේ.

මුම්බායි නගරය කම්පා කල ඛේදවාචකයක් - නිවසක් කඩා වැටී ළමුන් 4ක් ඇතුළු 6 දෙනෙක් ජීවිතක්ෂයට

මුම්බායි නගරය කම්පා කල ඛේදවාචකයක් - නිවසක් කඩා වැටී ළමුන් 4ක් ඇතුළු 6 දෙනෙක් ජීවිතක්ෂයට

ජාතික කාලගුණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ, දකුණු නැගෙනහිර ගුවැන්ෂි (Guangxi) කලාපයට සහ ජියැංසු (Jiangsu) හා ෂැන්ඩොං (Shandong) පළාත්වල නැගෙනහිර ප්‍රදේශවලට මිලිමීටර් 260ක් දක්වා අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවයි.

එවැනි වැසි තත්ත්වයන් නායයෑම් ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි බවද එම ආයතනය පෙන්වා දෙයි.

එමෙන්ම, පැසිෆික් සාගරය හරහා තායිවානය දෙසට ගමන් කරමින් පවතින "සුපර් ටයිෆූන් බාවි" (Super Typhoon Bavi) පිළිබඳවද චීනය අවධානයෙන් පසුවේ.

ඇමරිකානු ජාතික කාලගුණ සේවය සඳහන් කර ඇත්තේ, ගුවාම්, ටිනියන්, සයිපාන් සහ රෝටා ප්‍රදේශ හරහා ගමන් කරන අවස්ථාවේ මෙම සුළි කුණාටුවේ සුළං වේගය පැයට කිලෝමීටර් 290ක් පමණ දක්වා ඉහළ ගොස් තිබූ බවයි.   

ලෝකයම කම්පා කල වෙනිසියුලා භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහළට

ලෝකයම කම්පා කල වෙනිසියුලා භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහළට