චීනය-කිර්ගිස්තාන සබඳතා තවත් ශක්තිමත් වෙයි - ෂී ජින්පිංගෙන් විශේෂ ප්රකාශයක්
චීනය සහ කිර්ගිස්තානය අතර සහයෝගීතාව පසුගිය වසර කිහිපය තුළ වේගවත් ලෙස වර්ධනය වෙමින් පවතින අතර, එය මේ වනවිට “ස්වර්ණමය අවධියකට” පිවිස ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං පවසයි.
2026 ෂැංහයි සහයෝගිතා සංවිධාන සමුළුවට සහභාගී වීම සහ කිර්ගිස්තානයේ රාජ්ය සංචාරයක් සඳහා බිෂ්කෙක් නුවරට පැමිණීමෙන් අනතුරුව නිකුත් කළ ලිඛිත ප්රකාශයකදී චීන ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
චීනය සහ කිර්ගිස්තානය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ විවිධ ක්ෂේත්රවල සහයෝගීතාව මෑත වසරවලදී වේගයෙන් වර්ධනය වී ඇති බව ෂී ජින්පිං පෙන්වා දී ඇත.
ඔහුගේ කිර්ගිස්තාන සංචාරය දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම කලාපීය සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීමටද වැදගත් අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ෂී ජින්පිංගේ සංචාරය සිදුවන්නේ 2026 ෂැංහයි සහයෝගිතා සංවිධාන සමුළුව සඳහා සාමාජික රටවල නායකයන් කිර්ගිස්තානයේ බිෂ්කෙක් නුවරට එක්වන අවස්ථාවකදීය.