චීනය සහ අමෙරිකාවෙන් ලංකාව ගැන නිවේදනයක්..

Report

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන් ජියාජුන් ලබන 19 වැනිදා සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ලබන 19 වැනිදා මෙරටට පැමිණෙන ඔහු ලබන 23 වැනිදා දක්වා මෙරට රැඳී සිටින බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළා.

ඔහු චීනයේ චොන්කිංග් නගර සභාවේ ලේකම්වරයා ලෙස ද කටයුතු කරන බවයි, ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසනවා.

ඇය පැවසුවේ, එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ට සම්බන්ධ සමාලෝචනය නිසි පරිදි ඔවුන්ට කළ හැකි වේයැයි බලාපොරොත්තු වන බවයි.

ඇය ඒ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ඇරඹෙන G 20 සමුළුවට පෙර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි.