චීනයට ජපානයෙන් චෝදනාවක්...
By Parami Dissanayake
චීන හමුදා ගුවන් යානයක් තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව ජපානය චෝදනා කර සිටිනවා.
චීන ගුවන් යානයක් විසින් එවැනි පියවරක් ගත් පළමු අවස්ථාව මෙය බවත් Y-9 නිරීක්ෂණ ගුවන් යානයක් ගුවන් සීමාව උල්ලංඝනය කළ බවත් ජපානයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ය.
චීනයේ මෙම ක්‍රියාකලාපය හදිසි පදනමක් මත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ජපානය පොළඹවන ලද බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තව ද, මෙම ගුවන්යානය බුද්ධි තොරතුරු එක්රැස් කිරීමේ යානයක් වන බව ද ජපානය වැඩි දුරටත් පවසයි.