පාකිස්ථානයෙන් ගෙන්වූ මිරිස් තොගයක විෂ රසායනිකයක් අඩංගු වෙයි....ප්‍රතිඅපනයනයටත් පියවර ගනී.....
By Hashini
සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ පාකිස්ථානයෙන් ආනයනය කළ මිරිස් තොගයක ඇෆ්ලටොක්සීන් විෂ රසායනිකය අඩංගුවීම හේතුවෙන් යළි ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගත් බවයි.
එලෙස ප්‍රතිඅපනය කිරීමට මිරිස් කන්ටේනර් 25 ක් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ නිලධාරියෙකු සඳහන් කළා.
එම නිලධාරියා සඳහන් කළේ මෙරට ව්‍යාපාරිකයින් පිරිසක් එම මිරිස් ආනයනය කර ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආහාර පාලන ඒකකය ආහාරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටලු දැනුම් දීම සඳහා දුරකතන අංකයක් හඳුන්වාදී තිබෙනවා.
0112 112 718 එම අංකයයි.