දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් අලුත්ම තීරණයක්..!
By Sewvandhi
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරන්නේ, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි.
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෑත කාලයේ වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම ඒකකය පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ
ඒ අනුව අනාගත පරපුරේ ආරක්‍ෂිත පියවරක් ලෙස සියලුම පාසල්වල සහයෝගය ඇතිව, සමාජ බුද්ධි ඒකකයක්, පිහිටුවීමටයි සැලසුම් කර ඇත්තේ.
එහිදී අදහස් දක්වමින් ජාතික ශිෂ්‍යභට බලකායට ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ කාලීන අවශ්‍යතාවය මෙන්ම දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වලටද එය පුළුල් කිරීමේ අවශ්‍යතාවය ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |