භූ කම්පනය මැද ගැබිනි මවකට සිදු වුණු දේ - වෛද්‍යවරු පාරේදී කරපු දේ මෙන්න
මියන්මාරයට හා තායිලන්තයට ඇති වූ විශාල භූමිකම්පාව අතරතුර බැංකොක්හි වෛද්‍යවරු පිරිසක් රෝහලෙන් පිටත වීදියකදී දරුවෙකු ප්‍රසූත කළ පුවතක් වාර්තා විය.
පසුගිය සිකුරාදා භූකම්පන සිදු වන විට කාන්තාවක් ඇගේ දරු ප්‍රසූතිය සඳහා වන ශල්‍යකර්මයකට භාජනය වෙමින් සිටි අතර, කෙසේ වෙතත් භූ කම්පනය ඇති වීමත් සමඟ වෛද්‍යවරුන්ට ඇයව රෝහලෙන් ඉවත් කර ගැනීමට සිදු වුනා.
වෛද්‍ය කණ්ඩායම් විසින් මව රෝහලෙන් පිටතට ගෙන යාමෙන් අනතුරුව, සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය විසින් වට කරන ලද කුඩා ඉඩක ඇය පිරිමි දරුවෙකු ප්‍රසූත කරනු ලැබුවා.
මෙම සිදුවීමේ වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වූ අතර, මව ස්ට්‍රෙචරයක් මත වැතිර සිටින ආකාරය සහ රෝහල් කාර්ය මණ්ඩලය එළිමහනේ ඇගේ දරු ප්‍රසූතියට සහාය වන ආකාරය එම දර්ශන වල දැක්වෙනවා.
එලෙස හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන, ශල්‍ය කණ්ඩායම ශල්‍යාගාරයෙන් පිටත, මිනිත්තු 10 ක් ඇතුළත දරුවා පිටතට ගැනීමට කටයුතු කළේ පුදුම සහගත ආකාරයටයි.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මව සහ දරුවා සුව තත්ත්වයේ පසුවන බවත් රෝහල් කාමරයක සුවය ලබමින් සිටින බවයි.
