ළමා ගැබ් ගැනීම් ඉහළට

Sri Lanka Police International Women's Day Sri Lanka School Children
By Zara Mar 08, 2025 08:22 PM GMT
Zara

Zara

Report

මුළු ලෝකයම අද (08) ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මොහොතක මෙරට පාසල් යන වයසේ පසුවන දැරියන්ගේ, ගැබ් ගැනීම සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාවේ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුවන ළමා අපයෝජන හා අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් හේතුවෙන් සිදුවන ළමා ගැබ් ගැනීම් ප්‍රමාණය සැළකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බවටයි එම වාර්තාව කරුණු රැසක් පෙන්වා දෙමින් අනාවරණ කරනු ලබන්නේ.

එම වාර්තාවේ දත්ත වලට අනුව 2023 වසරේදී පාසල් වයසේ පසුවන ගැහැනු ළමයින් 167 දෙනෙකු ගැබ් ගෙන ඇති අතර, 2024 වසරේදී වාර්තා වන ළමා ගැබ් ගැනීම ප්‍රමාණය 213ක් වනු ඇත.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර කියා සිටින්නේ , 2024 වසරේදී වාර්තා වූ ළමා මව්වරුන් අතර වයස අවුරුදු 10ක දැරියක්ද සිටින බවයි.

මේ අතර 1989 වසරේ නොවැම්බර් මස 20 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18ට අඩු සියලු දෙනා දරුවන් ලෙස සලකනු ලබනවා.

මේ රට දණ්ඩ නීති සංග්‍රහයේ 363 (ඉ) වගන්තියට අනුව, ස්ත්‍රීය වයස අවුරුදු 16ට අඩු තැනැත්තියක නම් "කැමැත්ත" යන්න අදාළ නොවන නිසා, එවැනි තැනැත්තියක සමඟ ලිංගික සබඳතා පැවැත්වීම "දූෂණයක් " හෙවත් " ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් " ලෙස සලකනු ලබනවා.

කෙසේ වෙතත් එවැනි ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයන්ට නතු වන දරුවන් සම්බන්ධයෙන් වූ නඩු කටයුතු කඩිනම් කිරීම සඳහාද යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වුවා.

ලක්මව සුරකින අපේ රූමතිය

ලක්මව සුරකින අපේ රූමතිය

ව්‍යාජ ලේඛන සකසා භාවිත කෙරූ ජීප් රියක් පොලිස් භාරයට

ව්‍යාජ ලේඛන සකසා භාවිත කෙරූ ජීප් රියක් පොලිස් භාරයට

ReeCha