වන අලි පහරින් දරුවා මරුට

Report

 වන අලි පහර දීමක් හේතුවෙන් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

එම දරුවා ගෝමරන්කඩවල ඉදිකටුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි අතර අලුයම රැකියාවට පිටත්ව යන පියා සමග පාපැදියකින් ප්‍රධාන මාර්ගයට පැමිණෙමින් සිටිය දී මෙම වන අලි ප්‍රහාරය ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.   

ඔන්න ආයේ බිකිණි අදින්න තහනම්..

ඔන්න ආයේ බිකිණි අදින්න තහනම්..

වනඅලියා පාපැදියට පහරදීමත් සමග පියා විසි වී ඇති අතර, එහි දී දරුවාට පහර දී ඇති බව සඳහන්.   

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ දරුවා එම ස්ථානයේදී ම මියගොස් තිබෙනවා.   

මේ අතර අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර යන ප්‍රදේශවල වනඅලි ගම් වැදීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටියි.   සිය දෛනික කටයුතුවලට පවා මේ වනවිට බාධා එල්ල වී ඇති බව එම ප්‍රදේශවල ජනතාව පවසති.  ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා හැකි ඉක්මනින් විසදුම් ලබා දෙන ලෙසයි.