රටම බලන් සිටි චෙම්මනි සමූහ සුසාන නඩුවේ තීරණය
චෙම්මනි - සිත්තුපත්ති සමූහ සුසානයේ තෙවන අදියරේ කැණීම් කටයුතු සම්බන්ධයෙන් තීරණය එළඹෙන මාර්තු 16 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් වන නඩුව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (09) දින පෙරවරු 09.30ට කැඳවා ඇත.
එම අවස්ථාවේදී මෙම සමූහ සුසානයේ කැණීම් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කළ බවත් කැණීම් කළ ඇති ස්ථානවල පිරී පැවැති වැසි ජලය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළ බවත් සඳහන්.
පසුව එම ස්ථානය නිරීක්ෂණය කළ එස්. ලෙනින්කුමාර් මහේස්ත්‍රාත්වරයා එහි ඊළඟ නඩු විභාගය එළඹෙන මාර්තු 16 වැනිදා සිදු කිරීමටත් එදිනම සමූහ සුසානයේ තෙවන අදියරේ කැණීම් සඳහා දින නියම කරන බවත් නියෝග කර ඇත.
එමෙන්ම යාපනය මහා රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් තෙවන අදියරේ කැණීම් කටයුතු සඳහා වියදම් ඇස්තමේන්තුව ද අධිකරණයට ඉදිරිපත් කර ඇත.