අධික ලෙස මිල ඉහළ ගිය වර්ග රැසක මිල අඩු කරන්න අලුත් ක්‍රමයක්..

Report

පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ අනුමැතිය ලත් පලිබෝධනාශක, වල්නාශක, කෘමිනාශක සහ දිලීරනාශක සඳහා මෙතෙක් පනවා තිබූ කෝටා ක්‍රමය ඊයේ(26) සිට අවලංගු කළ බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළා.

මෙම තීරණයත් සමඟ මේවායේ මිල අඩුවී වෙළඳපොල තුළ සුලබකිරීම මෙහි අරමුණ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

කෙසේවෙතත් මේ වන විට වෙළඳපොලෙහි පලිබෝධනාශක, වල්නාශක, කෘමිනාශක දිලීරනාශක, සහ පොහොර සඳහා ඇත්තේ අධික මිල ඉහළයාමකි.

මෙම මිල ඉහළ යාම ගොවි ජනතාවට දරාගත නොහැකි තත්ත්වයේ උපරිම සීමාවට පත්ව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now