රසායකික පොරො සියලු ගොවීන්ට දෙන්න යයි..රටටම සුබ පණිවුඩයක්..
රජයේ පොහොර සමාගම් දෙක හරහා රසායනික පොහොර ආනයනය කොට සහනදායී හා සාධාරණ මිලට ගොවීන්ට ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ක්‍රියාමාර්ගයෙන් පසු වෙළෙඳපොලේ රසායනික පොහොර මිල අඩු වනු ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
පෞද්ගලික අංශය විසින් පොහොර ආනයනය කොට අධික මිලකට පොහොර අලෙවි කිරීම නිසා ගොවීන් මුහුණ පාන ගැටලුවට පිළියමක් ලෙස මෙි පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
පොහොර ආනයනය කරනු ලබන සමාගම් සඳහා පොහොර මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ අනුව පොහොර මිල තීරණය කිරීමේ දී ගොවියාට කිසිදු අසාධාරණයක් නොවනු ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |