දැයෙන් සමුගත් මහා යතිවරයාණන්ගේ නික්ම යෑම සිදු වූ හැටි (VIDEO)
කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (31) පස්වරුවේ සිදුකෙරුණි.
කලක් රෝගාතුරව සිටි අතිපූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි පසුගිය 28 වන දින අපවත් වූ අතර ඒ වන විට උන්වහන්සේ 84 හැවිරිදි වියෙහි පසුවිය. පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙණේ තැන්පත් කර තිබූ කුසලධම්ම නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර අද දහවල් 12.30ට පමණ පිරිවෙණෙන් පිටත්වී තිබුණි.
අවසන් කටයුතු සිදු වූ වීඩියෝව පහතින් නරඹන්න
ඒ අනුව ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර නුවර පාර, කැලණි පාලම, බේස්ලයින් පාර, බණ්ඩාරනායක මංසන්ධිය, ඔරුගොඩවත්ත මංසන්ධිය, ඉංග්‍රම් මංසන්ධිය, දෙමටගොඩ මංසන්ධිය, බන්ධනාගාර මංසන්ධිය, බොරැල්ල මංසන්ධිය, ඩී. එස්. සේනානායක මංසන්ධිය, හෝර්ටන් විජේරාම මංසන්ධිය, හෝර්ටන් වටරවුම, නන්දා මෝටර්ස් මංසන්ධිය, නිදහස් වටරවුම සහ නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රය වෙත පැමිණියේය. ආදාහන පූජෝත්සවය අද පස්වරු 2ට ආරම්භ කෙරුණි.
ත්‍රිපිටක වාර්ගීෂ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද, දර්ශන විශාරද, ආචාර්ය, අග්‍ගමහා සද්ධම්මජෝතිකධජ, මහෝපාද්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අපවත් වන විට පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේණාධිපති සහ අධ්‍යක්ෂක ලෙසද කටයුතු කරනු ලැබීය.
කුසලධම්ම නාහිමිගේ ශ්‍රී දේහය පිළිබද අදාහන පූජෝත්සවය පැවැත්වූ අද දිනය ශෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත්කර තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |