කැබිනට් අනුමැතියත් සමඟ විශ්‍රාම යෑමේ වයස වෙනස් කරයි. - එම වයස් සීමාව මෙන්න.
රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් ගෙන එන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ, අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරින්, ශ්‍රේණි වෛද්‍ය නිලධාරින්, විශේෂඥ දන්ත වෛද්‍ය නිලධාරින්, සියලුම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්, පරිපාලන වෛද්‍ය නිලධාරින් යන රජයේ ලියාපදිංචි සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස මින් පෙර පැවතියේ අවුරුදු 65ක් ලෙසයි. නමුත් එය පසුව වයස අවුරුදු 60 දක්වා පහළ දැමුවා.

ජාත්‍යන්තර යුධ අපරාධකරු ඊශ්‍රායලයේ 'ටර්මිනේටර්' කොළඹ සැඟවිලා - රැකියාවක නිරත වන බවටත් තොරතුරු. - (ඡායාරූපය සහ විස්තරේ මෙන්න.)
You May Like This Video