හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක හදිසියේම මල්වතු අස්ගිරි මහානායක හිමිවරු බැහැ දකී - හේතුව මෙන්න

Report

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක අද (07) දින මල්වතු අස්ගිරි මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සහ අනුනායක හිමිවරු බැහැ දැක ඇත.

එහිදී ඉකුත් දිනවල ශාසනයට එල්ලවූ ප්‍රහාරත් ඒවා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් සාකච්ඡා කර ඇති අතර එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාව ලබාදී නොමැති බවත් සඳහන්.

එමෙන්ම ඇය මින් පෙරත් පැන නැගී ඇති ශාසනික අර්බුද හමුවේ බුදු දහමේ චිරස්ථිතිය සඳහා වහාම ක්‍රියාත්මක වන ආකාරයට ‘ශාසන ශෝධන’ වැඩපිළිවෙලක් සහ ධර්ම සංගායනාවක් කැඳවන මෙන් ඉල්ලා ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා වෙත විශේෂ ලිපියක් යොමු කර සිටියා.

රටම කළඹපු මහා භාණ්ඩාගාරයේ ඇත්තටම වුණේ මොකක්ද? සියලු ප්‍රශ්නවලට පිළිතුරු හෙට

රටම කළඹපු මහා භාණ්ඩාගාරයේ ඇත්තටම වුණේ මොකක්ද? සියලු ප්‍රශ්නවලට පිළිතුරු හෙට

ඒ අනුව මහනාහිමිවරුන්ට යොමු කළ ලිපියේ සඳහන්ව තිබූ අන්තර්ගතය සම්බන්ධයෙන් ද හිටපු ජනපතිනිය මෙහිදී මහනාහිමිවරුන්ට කරුණු දක්වා ඇති බව වාර්තා වේ.

එසේම බුද්ධ ශාසනය ඉතිහාසයේ බරපතළම අභියෝගවලට මුහුණ දී සිටින බවත්, හුදකලා සිදුවීම්වලට වඩා පුළුල් 'ශාසන ශෝධන' වැඩපිළිවෙලක් සහ ධර්ම සංගායනාවක් ඔස්සේ ස්ථිර විසඳුම් සෙවිය යුතු බවත් අඳාළ ලිපියේ සඳහන් විය.

එහිදී ඇය සිහිපත් කර තිබුණේ මීට පෙර 1956 සහ ඇගේ පාලන සමයේ මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමියන්ගේ මැදිහත්වීමෙන් දියත් වූ මෙවැනි උත්සාහයන්, වරප්‍රසාදිත පාර්ශ්වයන්ගේ විරෝධය මත අසාර්ථක වූ බවයි.

රෝගීන් වැඩි වීමෙන් සෞඛ්‍යය අංශ දැඩි වෙයි - අවදානම මැඩලීමට හෙට සිට දිස්ත්‍රික්ක 14 ක කරන්න යන දේ

රෝගීන් වැඩි වීමෙන් සෞඛ්‍යය අංශ දැඩි වෙයි - අවදානම මැඩලීමට හෙට සිට දිස්ත්‍රික්ක 14 ක කරන්න යන දේ

සුරේෂ් සලේ අන්තිම කැමැත්ත ලියන්න අවසර ඉල්ලයි - සියල්ල සිදුවීමට පෙර නීනි උපදේශකගෙන් ශානි අබේසේකරට ලිපියක්

සුරේෂ් සලේ අන්තිම කැමැත්ත ලියන්න අවසර ඉල්ලයි - සියල්ල සිදුවීමට පෙර නීනි උපදේශකගෙන් ශානි අබේසේකරට ලිපියක්

GalleryGalleryGalleryGallery