මාලිමාවෙන් සහ ආණ්ඩුවෙන් කොච්චර බැන්නත් චමුදිත යළි එකට එයි..ලංකාවේ ජනප්‍රියම නිවේදකයා වූ හැටි මෙන්න..සියලු විස්තර මෙතනින් බලන්න(VIDEO/PHOTOS)

Hiru Sri Lanka Media TV Program
By Parami Dissanayake Aug 20, 2024 02:05 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ශ්‍රී ලංකා අයිකනික් සම්මාන 2024 උළෙලේ වසරේ ජනප්‍රිය ම රුපවාහිනී නිවේදකයාට හිමි සම්මානය ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් හිමි කර ගෙන තිබෙනවා.

හිරු පත්තරේ විස්තරේ වැඩසටහන වෙනුවෙන්, පිට පිට දෙවන වරටත් ඔහු මෙලෙස මෙම සම්මානය හිමි කර ගනු ලැබීම විශේෂත්වයක්. 

මාලිමාවෙන් සහ ආණ්ඩුවෙන් කොච්චර බැන්නත් චමුදිත යළි එකට එයි..ලංකාවේ ජනප්‍රියම නිවේදකයා වූ හැටි මෙන්න..සියලු විස්තර මෙතනින් බලන්න(VIDEO/PHOTOS) | Chamuditha Wins Most Popular Announcer Of The Year

මෙලෙස 2024 වසරේ ජනප්‍රියම රුපවාහිනී නිවේදකයාට හිමි සම්මානය ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත විසින් ලබා ගන්නා අවස්ථාවේ වීඩියෝ දර්ශන?


මේ අතර, ඔහු 2023 වසරේ ජනප්‍රිය ම නිවේදකයාට හිමි සම්මානය ද හිමි කර ගත් අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න?

පසු ගිය කාලයේ දේශපාලන ක්ෂේත්‍රයේ ඇතැම් පාර්ශව විසින් චමුදිත සම්බන්ධයෙන් විවිධ බලපෑම් එල්ල කර තිබෙනු දකින්නට ලැබුණා.

මේ අනුව, චමුදිත උදෑසන පත්තර විස්තරේ වැඩසටහන හරහා සිදු කරන ඇතැම් ප්‍රකාශයන් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත ද විවිධ චෝදනා එල්ල කර තිබුණා.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, චමුදිත විසින් සිදු කරන මෙම ප්‍රකාශයන්ට ඉදිරියේදී චමුදිතට බුක්ති විදීමට සිදු වන බවයි.

මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නියෝජනය කරන වසන්ත සමරසිංහ විසින් ද මාධ්‍යවේදී කිහිපදෙනෙක් සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරන ලදි.

එහිදී වසන්ත සමරසිංහ මහතා දැඩි ලෙස අවධාරණය කළේ මාලිමා ආණ්ඩුවක් යටතේ එම මාධ්‍යවේදීන් හිරේ දාන බවත්, රට පැන්නොත් එහේ ඉන්න මාලිමා සාමාජිකයින් බලා ගන්නා බවයි.

මීට අමතරව ඔහු උදෑසන පත්තරේ විස්තරේ හරහා සිදු කරන ඇතැම් ප්‍රකාශයන් ගැන ආණ්ඩුව පාර්ශවයෙන්ද දැඩි දෝෂාරෝපන එල්ලවී තිබේ.

එවත් ඇතැමුන්ගේ තර්ජන සහ ගර්ජන හමුවේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට මෙම සම්මානය හිමි වීම ද විශේෂතවයක්.

එම අවස්ථාවේ විශේෂ ඡායාරූපයන් පහතින් දැක්වේ?


GalleryGalleryGallery
ReeCha