චමුදිතට නියෝජ්‍ය කථානායකගෙන් රතු එළියක්.. ගංජා ප්‍රවෘත්තියක් නිසා චමුදිත පාර්ලිමේන්තු කැඳවයි..

By Sewvandhi Jul 04, 2023 01:56 PM GMT
Report

ගංජා සම්බන්ධ ප්‍රවෘත්තියක් වාර්තා කළ ආකාරය පිළිබඳව විමසීමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අනිද්දා (06) පාර්ලිමේන්තු ආචාරධර්ම හා වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවා තිබෙන බව වාර්තා වනවා.

අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතා නායකවරයාට අයත් මත්තල ප්‍රදේශයේ ඉඩමක් කුලියට ගත් පුද්ගලයෙක් නීති විරෝධී ලෙස ගංජා වගාවක් පවත්වාගෙන ගොස් අත් අඩංගුවට ගැනීම සම්බන්ධ ප්‍රවෘත්තිය ප්‍රධාන රූපවාහිනී නාලිකාවක පත්තරේ විස්තරේ වැඩසටහනේ දී ප්‍රකාශ කළ ආකාරය අනුව සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇතිබව කියමින් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව චමුදිත මහතාව වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවා ඇති බව වාර්තා වේ.