චමීරට ආසියානු කුසලානය අහිමි වෙයි.
By Wayomi
ආබාධයකට ලක් වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ආසියානු කුසලාන තරඟාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඔහු මෙවර LPL ශූරතාව දිනු බී ලව් කැන්ඩි කණ්ඩායම නියෝජනය කළ අතර, එහිදී ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වුයේ තරඟ 4ක් පමණයි.
LPL තරඟාවලිය අතරතුර ඇති වූ උරහිසේ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහුට ආසියානු කුසලාන තරඟාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව වාර්තා වෙනවා.
ආසියානු කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමතියට යොමු කර තිබෙනවා.
එමෙන්ම ආබාධයට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතය කැඳවා තිබෙනවා.