පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක බන්ධනාගාර නිලධාරීන් විසින් මහාධිකරණයට රැගෙන එයි
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් හයක් කල් ඉකුත් වීමට පෙර ඉවත් කර ගැනීමෙන් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පවරා ඇති නඩුවට පෙනී සිටීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (13) දින බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මෙම නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මහාධිකරණය හමුවේ පවරා ඇත.