ටීබී කිලෝමීටර පහෙන් පහට හදන වැසිකිලියකට යන්න දැන්ම රෙද්ද උස්සන් ඉන්න චාමර
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත් මහතා කිලෝමීටර් පහෙන් පහට වැසිකිලි ඉදිකළ පසු තමන් ද එම වැසිකිලියකට යාමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ඊයේ (10) දින පාර්ලිමෙන්තුව අමතමින්.
මේ අතර එහිදී ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ කෙසේ වෙතත් කිලෝමීටර් පහෙන් පහට වැසිකිලි ඉදිකිරීම හොඳ යෝජනාවක් බවයි.
ඒ පොළොන්නරුවේ අයට බඩේ අමාරුව ටිකක් වැඩි බැවිනි.
එසේම මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ ජාතික ජන බලවේග රජයකින් ඉදිකරන අධිවේගී මාර්ගයක යාමට ඉක්මනින්ම අවස්ථාව දෙන ලෙසයි.
