ශල්‍යකර්ම සඳහා භාවිතා වන ඖෂධයේ හිඟයක් - චමල් සංජීව අනතුරු අඟවයි

Report

ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය ලබාදීමේදී ප්‍රධාන වශයෙන් භාවිතා වන "Drugs Of God" ලෙස හැඳින්වෙන ප්‍රොපොෆෝල් ( propofol | fusion/ injection) ඉන්ජෙක්ෂන් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අනාවරණය කරයි.

දිවයිනේ රජයේ රෝහල්වල ප්‍රධාන ශල්‍යකර්ම සඳහා බහුලව භාවිතා වන මෙම ඖෂධයේ තොග මට්ටම අඩු මට්ටමක පැවතීම නිසා ඉදිරියේදී කඩිනම් සැපයුමක් නොලැබුණහොත් ප්‍රධාන ශල්‍යකර්ම පැවැත්වීමේදී බරපතල ගැටලු මතුවිය හැකි බව ඒ මහතා අවධාරණය කරයි. එබැවින් රජය මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

2026 ලංකාවේ දේශපාලනයට මොකක්ද මේ වෙන්න යන්නේ?

2026 ලංකාවේ දේශපාලනයට මොකක්ද මේ වෙන්න යන්නේ?

මෙම ඖෂධයට විකල්ප නිර්වින්දන ඖෂධ කිහිපයක් තිබුණද, ඒවා ප්‍රොපොෆෝල් තරම් කාර්යක්ෂමතාවයක් හෝ රෝගීන්ට ඉක්මන් ප්‍රතිචාරයක් නොදක්වන බැවින් වෛද්‍යවරුන් මෙයට වැඩි අවධානයක් යොමු කරන බව වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

මේ අතර, පසුගිය දිනෙක රජයේ ඖෂධ වේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතාද ඉදිරියේදී උග්‍ර ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බවට රජයට අනතුරු අඟවා තිබේ. 

IMF එකෙනුයි ඉන්දියාවෙනුයි දුන්න ආධාර ගැන රාජිතගෙන් බරපතළ හෙළිදරව්වක්

IMF එකෙනුයි ඉන්දියාවෙනුයි දුන්න ආධාර ගැන රාජිතගෙන් බරපතළ හෙළිදරව්වක්