මහ බැංකුවෙන් ජාත්‍යන්තර සමුළුවක් - ඩොලරයේ බලය රන් සහ AI ගැනත් සාකච්ඡා කරන්න සුදානම්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංචිත කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබේ. ලොව පුරා මහ බැංකු නිලධාරීන්, ස්වෛරී වත්කම් කළමනාකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආර්ථික විද්‍යාඥයින් සහ ආයෝජන ක්ෂේත්‍රයේ වෘත්තිකයින් මෙම සමුළුවට එක්වීමට නියමිතය.

සංචිත කළමනාකරණය සම්බන්ධයෙන් පවතින අභියෝග සහ අවස්ථා පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වන අතර, දැනුම හුවමාරු කර ගැනීම, හොඳම භාවිතයන් බෙදාහදා ගැනීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම හරහා සංචිතවල ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කර තිරසාර සාර්ව ආර්ථික ස්ථාවරත්වයකට සහාය වීම අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

විදේශ විනිමය සංචිත ගොඩනැගීමේදී මතුවන අභියෝග, භූ දේශපාලනික බෙදීම් සහිත ලෝකයක ආසියාව මුහුණ දෙන අභියෝග, නිල සංචිතවල ඩිජිටල් සහ ටෝකනීකරණය කළ වත්කම් භාවිතය, විදේශ විනිමය සංචිත තුළ මුදල් ඒකකවල බලය සහ ඇමෙරිකානු ඩොලරයේ ආධිපත්‍යය පිළිබඳ සමාලෝචනය යන කරුණු මෙහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතය.

“හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුටත් වැඩ වරදීද?” - ශිරාන් බාසික් සම්බන්ධ විමර්ශනවලට CCIB වෙත කැඳවයි

“හිටපු රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුටත් වැඩ වරදීද?” - ශිරාන් බාසික් සම්බන්ධ විමර්ශනවලට CCIB වෙත කැඳවයි

එමෙන්ම සංචිත කළඹ තුළ රන් සහ විකල්ප වත්කම්වල භූමිකාව මෙන්ම තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් සංචිත කළමනාකරණය තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරේ.

මෙම සමුළුව සැප්තැම්බර් 10 සහ 11 යන දෙදින කොළඹ The Kingsbury Hotel හිදී පැවැත්වීමට නියමිතව තිබේ. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ භාණ්ඩාගාරික Domenico Nardelli, HSBC ආයතනයේ ඩිජිටල් සහ නිෂ්පාදන විසඳුම් අධ්‍යක්ෂ Ussrah Hussain, World Gold Council හි මහ බැංකු පිළිබඳ ගෝලීය ප්‍රධානී Shaokai Fan සහ ඉන්දීය සංචිත බැංකුවේ විධායක අධ්‍යක්ෂ Ajay Kumar ඇතුළු පිරිසක් මෙහිදී දේශන පැවැත්වීමට නියමිතය.

ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුවෙයි

ප්‍රබලයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි - ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුවෙයි