ඉදිරි මාස දෙක ඇතුලත අනිවාර්යයෙන් මහබැංකුවෙන් කරන්න හදන විශේෂ දේ මෙන්න..

Report

ඉදිරි මාස දෙක ඇතුළත පොලී අනුපාත පහළ දමනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක නවීන් දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, අද(03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක, "මිනිසුන්ට තවමත් විශාල ආර්ථික ප්‍රශ්න තියෙනවා.

අපි ඒක නෑ කියන්නේ නෑ. ප්‍රධානම වශයෙන් මහ බැංකු අධිපති නන්දලාල් මැතිතුමා එක්ක මම ගිය සතියේ සාකච්ඡා කළා.

ඊළඟ මාස දෙක ඇතුලත අනිවාර්යයෙන්ම පොලී අනුපාතය අඩු කරනවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා.

අඩුගානේ 15%ත් 20% ත් අතර පොලී අනුපාතය අඩු කරන්නට බලාපොරොත්තුවක්ති යෙනවා."


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now