නිමල් - සිරිපාල - දුමින්ද මෛත්‍රී ඔය ඉන්නේ සෙට් එකම එකට. - (VIDEO)

Report

අද (17) පෙරවරුවේ දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම පැවැත්විණි.

මෙහි විශේෂත්වය නම්, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පල කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට සහය පල කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම යන දෙපාර්ශවය ම සහභාගී වීමයි.

තව ද, අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් ද මිට සහභාගී විය.

කෙසේ වෙතත් මෙම අවස්තාවට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සහභාගී නොවිණි.