සියලූම බස් රථ සම්බන්ධයෙන් විශේෂ තීරණයක්..!
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවේ, අපචාර ඇතුළු සංවේදී සිද්ධීන්ට අදාළ නඩු කටයුතුවලදී කාන්තාවන්ගෙන් සහ ළමුන්ගෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාගන්නා ලෙස අදාළ පාර්ශ්ව වෙත දැනුම්දී ඇති බවයි.
හිංසන හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින් සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ CCTV කැමරා පද්ධති සවි කිරීමට ද නියමිත බවයි, රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කර සිටියා.
Sponsored By Sarrita Jewellery