ගණේමුල්ල සංජීව ඝාතන විමර්ශන අධිකරණයට දැනුම් දෙයි

Report

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු  ලෙස හදුන්වන  ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ ක්‍රියාදාමය පසුපස ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් 09 දෙනෙකු සම්බන්ධ වී ඇති බවත්, ඉන් 04 දෙනෙකු විදේශවලට පලාගොස් සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවත් කොළඹ අපරාධ කොට්ඨාශය අද (7) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ නඩුකරය අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

තවද මෙම ඝාතනයට සංවිධානාත්මක අපරාධකරුවන් 06 දෙනෙකු සෘජුවම සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය කර තිබෙන වග සදහන් කර තිබේ.

ඒ වගේම මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවන් පස් දෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඊට අමතරව ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරියට පලායාමට ආධාර අනුබල දුන් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තුන්දෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙතෙක් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.  තවද මෙම සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සහ රැඳවුම් භාරයේ සිටින සැකකරුවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ඇති බවත් සදහන් කර ඇත.

ඒ ඔස්සේ වැඩිදුර විමර්ශනයන් සිදු කරන බව එම නිලධාරියා විසින් සදහන් කර තිබේ .

තවද මෙම සිදුවීමට පොලීසිය විසින් 04 දෙනකු රඳවා තබා විමර්ශන සිදු කරන බව අධිකරණයට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියා ප්‍රකාශ කර තිබුණි .

ඒ වගේම තවත් සැකකරුවකු වෙනත් අපරාධයක් සඳහා පෑලියගොඩ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.ඔවුන් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් බන්ධනාගාර නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර රැඳවුම් භාරයේ පසුවන සැකකරුවන් නිරීක්ෂණය කිරීම කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් සිදු කළ බවත් එම සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට සහ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 08 මහෙස්ත්‍රාත්වරයාට වාර්තා කරන බවත් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරිවරයා සදහන් කර තිබේ.

වාහන ආනයනය පිළිබඳ එතෙක් මෙතෙක් ඇසූ සුභම ආරංචිය මෙන්න - අයවැයෙන් ඉහළම ඉඩක් වෙන් කරයි

වාහන ආනයනය පිළිබඳ එතෙක් මෙතෙක් ඇසූ සුභම ආරංචිය මෙන්න - අයවැයෙන් ඉහළම ඉඩක් වෙන් කරයි

ඒ අනුව මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් තවදුරටත් ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා නියම කර ඇත.

තවද මහෙස්ත්‍රාත්වරයා විසින් වැඩි දුරටත් පොලීසියට නියෝග කළේ විදේශවලට සැගව සිටින සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ගම්මන්පිලගේ හඬ පටයක් රස පරීක්ෂකට යොමු කරයි

ගම්මන්පිලගේ හඬ පටයක් රස පරීක්ෂකට යොමු කරයි