මහ බැංකුවෙන් ලංකාවටම අනතුරු ඇඟවීමක් - එල්-නිනෝ නිසා වෙන්න යන මහ විනාසයක්
එල්-නිනෝ ඇතුළු අහිතකර කාලගුණික තත්ත්වයන් ඇති වුණොත් එමඟින් කෘෂිකාර්මික නිෂ්පාදනයට සහ ජලවිදුලි උත්පාදනයට බාධා ඇතිවිය හැකි බවත් ඒ හේතුවෙන් ආහාර හා බලශක්ති උද්ධමනය මත ඉහළ පීඩන ඇතිවිය හැකි බවටත් ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවා ඇත.
මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 වසරට අදාළව නිකුත් කරන ලද දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාවේයි.
ඒ අනුව අඳාළ වාර්තාවේ දේශීය වශයෙන් ඇතිවිය හැකි අහිතකර කාලගුණික තත්ත්වයන්, භූ දේශපාලනික අර්බුදකාරී තත්ත්වයන් නැවත ඇතිවීම සහ ඒ ආශ්‍රිතව ගෝලීය ආර්ථිකයට ඇතිවිය හැකි වෙළෙඳ භාණ්ඩ මිල කම්පන ආදී කරුණු හේතුවෙන් ඉදිරි කාලයේදී දේශීය ආර්ථික කාර්යසාධනය කෙරෙහි අඛණ්ඩව බලපෑම් ඇතිවිය හැකි බව සඳහන්.
එමෙන්ම කාලගුණය ආශ්රිත අවිනිශ්චිතතා හේතුවෙන් විදුලි උත්පාදන පිරිවැය ඉහළ යෑම ඔස්සේ බලශක්ති උද්ධමනයේ ඉදිරි දැක්ම කෙරෙහි බලපානු ඇති බව ද වාර්තා වේ.
එසේම මෙම වසරේ ආර්ථික වර්ධනය 4% සිට 5% දක්වා පාරාසයේ පවතිනු ඇතැයි පුරෝකථනය කෙරෙන බවත්, එසේ වුවත් භූ දේශපාලනික ප්රවණතා සහ වෙනස් වන දේශීය සහ විදේශීය තත්ත්ව මෙන්ම දේශගුණික අවදානම මඟින් ඇතිවිය හැකි බලපෑම් නිසා ඉදිරි දැක්ම පිළිබඳ තවදුරටත් ඉහළ අවිනිශ්චිතතා පවතින බවත් එම මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ සඳහන්.
ඊට අමතරව බලශක්තිය සහ ප්‍රවාහන උද්ධමනය ඉහළ යෑම, විනිමය අනුපාතික වෙනස්වීමේ බලපෑම් ආනයනික මිල ගණන් වෙත සම්ප්‍රේෂණය වීම, ආහාර උද්ධමනය ඉහළ යෑම ආදී බලපෑම් නිසා මතුපිට උද්ධමනය නුදුරු කාලයේදී ඉලක්කගත මට්ටමට වඩා ඉහළ අගයක පවතිනු ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන බව වාර්තා වේ.
අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්
ඉන් පසු මතුපිට උද්ධමනය ඉලක්කගත මට්ටම දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ද පුරෝකථනය කරයි. එසේම නුදුරේදිම බලශක්ති සහ ප්‍රවාහන උද්ධමනයද ඉහළ මට්ටමක පවතිනු ඇති බව සඳහන්.
එසේ වුවත් ශ්‍රී ලංකා මහ බැංකුව, මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වයේ බලපෑම් සහ එමඟින් ඇති කරන වක්‍ර බලපෑම් ක්‍රමයෙන් පහව යනු ඇතැයි යන උපකල්පන මත පදනම්ව පුරෝකථන කාල සීමාවේ ඉතිරි කාලය තුළ බලශක්ති සහ ප්‍රවාහන උද්ධමනය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.
එමෙන්ම මෙම වසරේ පෙබරවාරි මස අග භාගයේ සිට මැදපෙරදිග කලාපයේ පවතින භූ දේශපාලනික ආතතීන් උත්සන්නවීම නිසා විදේශීය අංශය දැඩි අභියෝගකාරී තත්ත්වයන්ට මෙන්ම ඉහළ විචලනයන්ට මුහුණ දුන් බවත් එහි බලපෑම් දේශීය ආර්ථිකයට එල්ලවීම මධ්‍යයේ වුවද ජනවාරි සිට මේ දක්වා කාලයේදී ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වයන් බොහෝ දුරට ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කළ බවත් එම වාර්තාවෙන් හෙළි වේ.
විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්
තවද මෙම වසරේ පළමු කාර්තුවේදී 2% ආසන්න සාමාන්‍ය අගයක පැවැති මතුපිට උද්ධමනය එතැන් සිට ශීඝ්‍රයෙන් ඉහළ ගොස් උද්ධමන ඉලක්කයට වඩා ඉහළ මට්ටමකට ළඟාවූ බවත් ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යෑමේ බලපෑම නිසා දේශීය ඉන්ධන සහ බලශක්ති මිල ගණන් වෙත ක්ෂණිකව සම්ප්‍රේෂණය වීම හේතුවෙන් අනෙකුත් අංශවලට වක්‍ර බලපෑම් එල්ලවූ බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.