ලංකාවම හෙව්ව මහ බැංකුවේ අ.ඩොලර් මිලියන 2.5 ක අතුරුදන්වීමේ අවසන් වාර්තාව ළඟදිම පාර්ලිමේන්තුවට

Report

රාජ්‍ය ණය ආපසු ගෙවීමට භාණ්ඩාගාරය සතුව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් රාජ්‍ය මූල්‍ය කමිටුව සමාලෝචනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉකුත් ජුනි 23 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය මූල්‍ය කමිටුව රැස්වීමකදී මෙම කරුණ සාකච්ඡා කර ඇති බව සඳහන්.

එසේම අඳාළ වාර්තාව, අතුරුදහන් වූ අරමුදල් පිළිබඳව මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් කමිටුවට ඉදිරිපත් කරන ලද පෙර වාර්තාවක් මහ බැංකුව විසින් පරීක්ෂා කිරීමෙන් පසුව සකස් කර ඇත. මේ අතර කමිටු සාමාජිකයින් මහ බැංකුවේ නිරීක්ෂණ සහ සොයාගැනීම් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර තිබෙනවා.

සුරේෂ් සලේගේ ප්‍රශ්ණය ලෝකයම හොල්ලයි - ලියෝ පාප් වහන්සේට හදිසියේම ලිපියක්

සුරේෂ් සලේගේ ප්‍රශ්ණය ලෝකයම හොල්ලයි - ලියෝ පාප් වහන්සේට හදිසියේම ලිපියක්

එමෙන්ම රාජ්‍ය මූල්‍ය කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ වාර්තාව සහ මහ බැංකුවේ වාර්තාව යන දෙකම සලකා බැලීමෙන් පසුව කමිටුව අවසන් වාර්තාවක් සකස් කර නියමිත වේලාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

මේ අතර මෙම රැස්වීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායමේ නිලධාරීන් ද එක්ව සිටි බව සඳහන්.

තත්ත්වය උග්‍ර වෙයි - දිවයින පුරා 5000ට පමණ නඩු පවරයි - තවත් දරුණු වුණොත් රටම අවදානමේ

තත්ත්වය උග්‍ර වෙයි - දිවයින පුරා 5000ට පමණ නඩු පවරයි - තවත් දරුණු වුණොත් රටම අවදානමේ

සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි

සියලුම් පොලිස් නිලධාරින්ට අසුබ ආරංචියක් - ලබා දුන් මේ වරප්‍රසාදය වහාම අත්හිටුවයි