රෝගකාරී tomato නම් වෛරසයක්... පැතිරීම සීග්‍රයෙන්... පරිස්සමින්
රෝගකාරී tomato වෛරසයක් පිළිබද ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය නැවත වරක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
New South Wales ප්‍රාන්තය සමඟ සම්බන්ධතාවක් ඇති තක්කාලි වගා විනාශයට හේතු වන විදේශීය රෝගයක් ලෙසයි එය හඳුනාගෙන ඇත්තේ.
Tomato Brown Rugose Fruit Virus නමින් හදුන්වන මෙම වෛරසය, 2024 වසරේදී ද උතුරු වික්ටෝරියාවෙන් වාර්තා වුනා.
එය නැවත වරක් එම ප්‍රදේශයෙන්ම වාර්තා වී ඇති බවටයි තොරතුරු හෙළි වී ඇත්තේ.
තක්කාලි හා මිරිස් වැනි භෝගවලට මෙම වෛරසය මගින් දැඩි හානි සිදු කරනවා.
වෛරසය මිනිසුන්ට හානිදායක නොවුණ ද, 70% දක්වා අස්වනු පහත යෑමක් ඉන් සිදු විය හැකි බැවින් ගොවීන්ගේ ආර්ථිකයට එය දැඩි බලපෑම් ඇති කරනු ලබන බවයි පර්යේෂණවලදී හෙළිව ඇත්තේ.
රෝගය හඳුනාගත් වික්ටෝරියාව සහ දකුණු ඔස්ට්‍රේලියාවේ වතු යායාවල ජීව විද්‍යා ආරක්ෂණ (biosecurity) ක්‍රියාමාර්ග මේ වනවිත් ක්‍රියාත්මක කර තිබෙනවා.
