කතෝලිකයන්ට සුභ ආරංචියක් - සභාව වසර නවයකට පසු ප්‍රථම වතාවට රැස්වෙලා
කතෝලික සභාව වසර නවයකට පසු ප්‍රථම වතාවට බ්‍රහස්පතින්දා (21) රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා සඳහා රැස්විය. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීම පැවැත්විණි.
රජය විසින් අත්පත් කරගත් කතෝලික පාසල්වල පරිපාලන ගැටළු, කතෝලික ආගමික අධ්‍යාපනය සඳහා ව්‍යුහගත ගුරු සේවක සංඛ්‍යාවක් ස්ථාපිත කිරීම සහ කතෝලික කන්‍යා සොහොයුරියන් සහ පූජකවරුන් ගුරු වෘත්තියට බඳවා ගැනීම, රජය විසින් පවරා ගන්නා ලද කතෝලික පාසල් පරිපාලනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබෙන සහයෝගය ශක්තිමත් කිරීමේ යාන්ත්‍රණයන් පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු විය.
වසරකට තුන් වතාවක් කතෝලික සභාව සමඟ සාකච්ඡා පැවැත්වීමට තවදුරටත් තීරණය කරන ලද අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා සංසදයේ ලේකම් ලෙස පත් කරන ලදී. රැස්වීම අතරතුර කතා කළ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ රජයට ස්තූති කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවතින ගැටළු විසඳීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින්, සෑම සිසුවෙකුටම තමන්ගේ ආගම වෙනස් කොට සැලකීමකින් තොරව හැදෑරීමට අවස්ථාව ලබා දීම අරමුණ බව කාදිනල්තුමා පැවසීය. කතෝලික රදගුරුවරුන්, පූජක පක්ෂය සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනෙකු ද රැස්වීමට සහභාගී වූහ.