ජූලි 11 සහ 12 යන දෙදින සඳහා වලංගු නිවේදනයක් - මේ මගීන්ට විශේෂයි
එළඹෙන 11 සහ 12 යන දෙදින දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන් වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වයි.
ඒ දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර සැතපුම් 02 දම්වැල් 29 ස්ථානයේ පිහිටි කාසල් පාර දුම්රිය හරස් මාර්ගයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන්.
එබැවින් ජූලි 11 දින උදෑසන 09.30 සිට ජූලි 12 දින උදෑසන 07.30 සිට දක්වා දුම්රිය ධාවනය සංශෝධනය කර ඇත.
එසේම 2026/07/11 (සෙනසුරාදා) දින උදෑසන 09.30 සිට 2026/07/12 (ඉරිදා) දින උදෑසන 07.30 දක්වා, කැලණිවැලි මාර්ගයේ කොළඹ කොටුව සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වයි.
එමෙන්ම මන්දගාමී දුම්රිය තුනක් 2026/07/11 දින සවස නාරාහේන්පිට දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය දක්වා පහත පරිදි ධාවනය කරයි.
පැයට කිලෝමීටර 200ක වේගෙන් ආසියා - පැසිෆික් කලාපයට ප්‍රබල සුළි කුණාටුවක් - සූදානමින් සිටින්නැයි රටේ සියලුම දෙනාට උපදෙස්
ජලාපවහන මණ්ඩලයෙන් පාර්භෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - ලබන 13 සිට 19 දක්වා මේ අයට ජල සැපයුම් විසන්ධි කරයි
මේ සම්බන්ධයෙන් වන සම්පූර්ණ නිවේදනය පහතින්,