"Cash for kidneys" තරුණ ජිවිත බිල්ලට ගනිමින් ප්‍රධාන පෙළේ රෝහලක් සිදු කළ තවත් වකුගඩු ජාවාරමක්.
නීතිවිරෝධී ලෙස මියන්මාර් ජාතිකයින්ගෙන් මුදලට වකුගඩු ලබාගත් බවට ප්‍රධාන පෙළේ රෝහලකට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, ඉන්දියාවේ ප්‍රධාන පෙළේ රෝහලක් වන නවදිල්ලි ඇපලෝ රෝහලට එරෙහිවයි.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දිල්ලි සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දී ඇත්තේ,එම චෝදනාව සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙසයි.
එමෙන්ම වැරදිකරුවන්ට එරෙහිව සුදුසු පියවර ගන්නා ලෙසත් දැනුම් දී ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්දයෙන් තොරතුරු අනාවරණය වී ඇති පරිදී මුදල් අවශ්‍යතා සහිත මියන්මාරයේ තරුණ පුද්ගලයින්ව දිල්ලි වෙත ගුවන් මගින් රැගෙනවිත් අදාළ රෝහලට ගෙනගොස් පොරොන්දු වූ මුදලකට එම තරුණයින්ගේ වකුගඩු ඉවත්කර ගෙන තිබෙනවා.
"cash for kidneys" නමින් නම් කර තිබූ මෙම ක්‍රියාවලියේදී, ඔවුන් එලෙස ලබාගත් වකුගඩු පොහොසත් මියන්මාර් ජාතිකයින්ට බද්ධ කර ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ.
