රටම නොඉවසිල්ලෙන් බලන් හිටිය, ශිෂ්‍යත්ව විභාගයට අදාළ නඩුවේ තීන්දුව නිකුත් වෙයි..

Report

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ඒ අනුව විනිසුරු මඩුල්ල විසින් විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇත්තේ මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා විශේෂඥයින් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය තුන අතුරින් සුදුසු නිර්දේශයක් තෝරා ගෙන වහාම එය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි.

"මට කවුද වැළමිටෙන් ඇනගෙන බැනගෙන ගියා.." - රැයකින් ලංකාවම කැළඹුණ සාදයේ.. වෙච්ච දෙය.. හරීන් පළමුවරට එළියට දායි..(VIDEO)

"මට කවුද වැළමිටෙන් ඇනගෙන බැනගෙන ගියා.." - රැයකින් ලංකාවම කැළඹුණ සාදයේ.. වෙච්ච දෙය.. හරීන් පළමුවරට එළියට දායි..(VIDEO)

රජය එකවර තීරණයකට යයි.. 2025 ඇරඹෙන හෙට දවසේ.. සියලු රාජ්‍ය සේවකයින් කළ යුතු දෙය මෙන්න..

රජය එකවර තීරණයකට යයි.. 2025 ඇරඹෙන හෙට දවසේ.. සියලු රාජ්‍ය සේවකයින් කළ යුතු දෙය මෙන්න..

එයට අමතරව මෙම ප්‍රශ්න පත්‍ර පිටවීමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් වන අයි.ජී.එස්. ප්‍රේමතිලක විසින් රුපියල් මිලියන තුනක් වන්දි වශයෙන් රජයට ගෙවිය යුතු වේ.

එමෙන්ම, චමින්ද කුමාර ඉළඟසිංහ විසින් රුපියල් මිලියන දෙකක්ද වන්දි ලෙස රජයට ගෙවිය යුතු වේ.

එම විභාගයට සහභාගී වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාග කෙරිණ.

අනතුරුව යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න තුන සඳහා එම විභාගයට පෙනී සිටි සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් තමන්ට අසාධාරණයක් සිදුවන බව පෙත්සම්කරුවන් සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කෙරිණ.

You May Like This Video👇 

.