මෙරට 95%ක්ම කන පිළිකාකාරක ආනයනික වියළි මිරිස් ගැන හොයන්නේ නෑ. - SLS නිහඬ පිළිවෙතක.
ආනයනික වියළි මිරිස්වල ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මීට වසර හතරකට පෙර කළ ඉල්ලීමට තවමත් අනුමැතිය ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විරෝධය පළ කිරීම හේතුවෙන්.
ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසන්නේ, මේ හේතුවෙන් ආනයනික මිරිස් නිසි පරීක්ෂාවකට ලක් නොකෙරෙන බවයි.
පසුගිය කාලය පුරාවටම මෙරටට ආනයනය කර තිබෙන වියළි මිරිස්වල ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය ඉහළ අගයක් ගත් හෙයින් මිරිස් කුඩු සඳහා ප්‍රමිති සහතික ලබාදීමෙන් මේ වන විට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඉවත් වී ඇති බව ද වාර්තා වෙනවා.
ප්‍රමිති සහතිකය ලබා දෙන්නේ ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය 3%කට අඩුනම් පමණකි.
කෙසේ වෙතත් පසුගිය කාලයේ දී ප්‍රමිති ආයතනය මිරිස් කුඩු සම්බන්ධයෙන් කළ සියලුම පරීක්ෂණවලදී මිරිස් කුඩුවල එම ප්‍රතිශතය 30%ක් පමණ වී ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති ආංශික අධීක්ෂණ කාරක සභාවක දී ද ප්‍රකාශ කර තිබුණා.
මීට අමතරව ආනයනික වෙනත් ආහාර ද්‍රව්‍යවල ද ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය ඉහළ අගයක පැවතීමට ඉඩ තිබෙන හෙයින් එම තත්ත්වය මිනිස් සිරුරට අහිතකර ලෙස බලපෑම නොවැළැක්විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ.
කෙසේ නමුත් මෙරට 95%ත් වැඩි ප්‍රතිශතයකින් පරිභෝජනය කරන්නේ ආනයනික වියළි මිරිස් බවත්, මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ආනයනික වියළි මිරිස් පරික්ෂා කිරීමට ප්‍රමිති ආයතනයට අවසර දිය යුතු බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.
Sponsored By Sarrita Jewellery
