රටම හෙල්ලූ කළුතර ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය සොයාගනී

Report

 කළුතර ‍වෙට්ටුමකඩ ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය තෙබුවන නෑබඩ ප්‍රදේශයේ අතහැර දමා ගෙස් තිබියදී සොයාගෙන ඇත.

පොලීසිය සදහන් කළේ තෙබුවන, නෑබඩ තැපැල් කාර්යාලය අසල තිබී එම මෝටර් රථය සොයා ගත් බවයි.

ජීවිතයක් අහිමි කරමින් කළුතර මුස්ලිම් පල්ලිය පාර රත් කළ වෙඩිතැබීමේ CCTV දර්ශන එළියට

ජීවිතයක් අහිමි කරමින් කළුතර මුස්ලිම් පල්ලිය පාර රත් කළ වෙඩිතැබීමේ CCTV දර්ශන එළියට

‍අද (28) උදෑසන කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවෙකු විසින් යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයකු ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදුකර ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

කළුතර කළඹමින් වෙඩි තැබීමක් - පුද්ගලයෙක් මරුට

කළුතර කළඹමින් වෙඩි තැබීමක් - පුද්ගලයෙක් මරුට