ජලය මත ධාවනය කළ හැකි අරුම පුදුම මොටර් රථයක් වෙළෙඳපොලට

By Gagana News Feb 26, 2025 10:44 AM GMT
Report

තාක්ෂණ ක්ෂේත්‍රයේ වේගවත් දියුණුව පිළිබඳව සාක්ෂි සපයන තවත් පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ජලය මත ධාවනය කළ හැකි මෝටර් රථ නිපදවන ඊජිප්තු සමාගමක් සම්බන්ධයෙනි.

ජෙට් කා(ර්)‍ ක්‍රොම් ඊජිප්තු ජාතික ව්‍යවසාකයෙකු ට අයත් සමාගමක් වන අතර එම සමාගමේ නිපදවූ ජලය මත ධාවනය කළ හැකි මෝටර් රථ එහි ප්‍රධානතම නිපැයුමකි.

2019 දී ඩොලර් පනස්දහසක් තරම් මුදලකින් ආරම්භ කළ මේ මෝටර් රථ ව්‍යාපෘතියට මේ වනවිට ජාත්‍යන්තර පිළිගැනීමක් ද හිමිව තිබේ.

ඒ විදෙස් රටවල් වෙතත් මේ මෝටර් රථ අපනයනය කිරීම හේතුවෙන්ය. ජලය මත ධාවනය කළ හැකි මේ මෝටර් රථ නිෂ්පාදනයෙන් අනතුරුව ඒවා ඊජිප්තුවේ උතුරු වෙරළ තීරයේ ධාවනය කිරීමට නිපැයුම්කරුවන් පියවර ගෙන තිබුණි.

ඊට ඉහළ ඉල්ලුමක් හිමි වුණේ ඉන් අනතුරුවයි. ඒ අනුව මේ වනවිට පවතින ඉල්ලුම අනුව ඊජිප්තුවේ ගිසා හි කර්මාන්තශාලාවක දී මේ මෝටර් රථ නිපදවීම සිදු වන අතර මේ වනවිට මේ සමාගම නිපදවා ඇති මෝටර් රථ ගණන 950කට අධිකය.

එක් මෝටර් රථයක් නිපදවීම සඳහා දින 20ක කාලයක් ගත වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. අමෙරිකාවට, ඉන්දියාවට මෙන්ම යුරෝපා රටවල් රැසකටත් මේ මෝටර් රථ අපනයන කෙරෙන අතර වැඩි ඉල්ලුමක් පවතින්නේ අමෙරිකාවේ බව සඳහන්ය. එක් මෝටර් රථයක මිල ඩොලර් 20,000ත් 40,000ත් අතර වන බව විදෙස් වාර්තා කරයි. 

වසර 5කට පසු වාහන ආනයන සීමා ලිහිල් වෙයි

වසර 5කට පසු වාහන ආනයන සීමා ලිහිල් වෙයි

ශ්‍රී ලංකාවේ ඩොලර් උපයන අයට හදිසි නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ඩොලර් උපයන අයට හදිසි නිවේදනයක්