ලිබියාව හොල්ලමින් හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කරයි- කාර් එක ඇතුළේම දරුණු පිපිරීමක්

Report

නැගෙනහිර ලිබියාවේ ලිබියානු ජාතික හමුදාවේ (LNA) හමුදා බුද්ධි අංශ ප්‍රධානියා සඳුදා බෙන්ගාසි නගරයේ හවාරි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී මෝටර් රථය තුළ සිදුවූ පිපිරීමකින් මියගොස් ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග දෙකක් රොයිටර් පුවත් සේවයට පවසා   ඇත.

බ්‍රිගේඩියර් ෆවුසි මන්සූරි සවස් කාලයේ සිදුවූ මෙම පිපිරීමෙන් මියගිය බව ආරංචි මාර්ග සඳහන් කළ අතර, ඔවුන් අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා තිබේ.

ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න හෝ පිපිරීමට භාවිත කළ උපකරණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. 2020 වසරේ සටන් විරාමයක් ඇති කර තිබුණද, ප්‍රතිවාදී පරිපාලන හා සන්නද්ධ කණ්ඩායම් තවදුරටත් බලපෑම් පවත්වාගෙන යන ලිබියාවේ පවතින ආරක්ෂක අභියෝග මෙම ඝාතනය මගින් යළිත් ඉස්මතු කරයි.

2011 වසරේ නේටෝ සංවිධානයේ සහාය ලැබූ නැගිටීමකින් දීර්ඝකාලීන පාලක මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කිරීමෙන් අනතුරුව, 2014 වසරේදී ලිබියාව ප්‍රතිවාදී නැගෙනහිර සහ බටහිර කණ්ඩායම් අතර බෙදී ගියේය.

මාධ්‍යයෙන් පිට පැන ක්‍රිප්ටෝ පසුපස ගිය ට්‍රම්ප්ට අත්වූ ඉරණම

මාධ්‍යයෙන් පිට පැන ක්‍රිප්ටෝ පසුපස ගිය ට්‍රම්ප්ට අත්වූ ඉරණම

හමුදාපති කලීෆා හෆ්තාර්ගේ නායකත්වයෙන් යුත් ලිබියානු ජාතික හමුදාව නැගෙනහිර සහ දකුණු ලිබියාවේ විශාල ප්‍රදේශයක් පාලනය කරයි. එම හමුදාව බෙන්ගාසි කේන්ද්‍ර කරගත් බලධාරීන් සමඟ සන්ධානගතව සිටින අතර, ජාත්‍යන්තරව පිළිගත් ජාතික එක්සත් රජය ට්‍රිපොලි අගනුවර සිට බටහිර ලිබියාවේ වැඩි ප්‍රදේශයක් පාලනය කරයි.