මෙරටදි භාවිත කළ තවත් ඖෂධයක් සම්බන්ධයෙන් ගැටලුවක්...

Report

පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට පමණ ලබාදී තිබෙනවා මේ බව සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ  සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළා.

ප්‍රමිතියෙන් තොර මෙම එන්නත් වර්ගය ද ආන්දෝලනයට තුඩුදුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය සැපයූ සමාගම මගින් ගෙන්වූ බවට වාර්තාවී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කෙසේවෙතත් මේ වනවිටත් එම එන්නත භාවිතයෙන් ඉවත් කර ඇති බවත් එම ඖෂධය ලබාදුන් රෝගීන් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බවද අද පැවති මාධ්‍ය හමුවකදි වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවා.