නීතියේ තිබෙන අඩුපාඩුකම් නිසා වැරදි වෙනවා.. තරස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න බැහැ

By Gagana News Feb 22, 2025 11:10 AM GMT
Report

මෙරට නීතියේ තිබෙන අඩුපාඩුකම් නිවැරදි නොකර ත්‍රස්තවාදය න්වලක්වීමේ පනත අහෝසි කල නොහැකි බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්නේ නම් එයට සමාන නීති පද්ධතියක් අත්‍යවශය බවයි.

රජයේ පුවත් දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා ශ්‍රී ලංකා තුල මේවන විට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 57ක් සිටින බවත් ඔවුන්ගේ අනුගාමිකයන් 1400ක් පමණ සිටින බවත් පොලිස්පතිවරයා කියා සිටියා.

මේ වසරේ ගෙවුණු මස 2ක කාලය තුල ඝාතන සිද්ධීන් 22ක් වාර්තා වී ඇති බව ද ඔහු කියා සිටියා. ඒ අතුරින් වෙඩි තැබීමේ සිදුවීම් 17ක් බව ද ඔහු කියා සිටියා.

ලාංකීය අපරාධ කල්ලි ගැන වැඩබලන පොලිස්පතිගෙන් අනාවරණයක්

ලාංකීය අපරාධ කල්ලි ගැන වැඩබලන පොලිස්පතිගෙන් අනාවරණයක්

කොටහේන වෙඩික්කරුවන් පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට

කොටහේන වෙඩික්කරුවන් පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට