වහාම, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන දෙය මෙන්න.. ඊට පස්සෙ නම් බෑ පුතේ..
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද(11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ ය.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට 14 වැනිදා ඡන්ද විමසීම් දිනය දක්වා මැතිවරණයට අදාළ ප්රචාරක කටයුතු තහනම් බවයි.
අදාළ කාලය තුළ අපේක්ෂකයාගේ නිවස, කාර්යාලයක් ලෙස පවත්වාගෙන යාමට අවස්ථාව ඇත.
මෙවර මහ මැතිවරණයට තරග වඳින අපේක්ෂකයින් ගණන 8,352 කි.
ඉන් අපේක්ෂකයින් 5,006ක් පක්ෂවලින් ඉදිරිපත්ව සිටින අතර ස්වාධීන අපේක්ෂකයින් ගණන 3,346 ක් වේ.