කේක් එකත් එක්ක නිරුවත් ඡායාරූපයක් කාන්තාවකට යවයි..ඇය කරපු දේ මෙන්න.
By Aruna
මහනුවර පැවැති කේක් ප්‍රදර්ශනයක ඡායාරූප ලබාගත් ඡායාරූප ශිල්පියකු එහි සංවිධායකවරියට වට්ස් ඇප් ඔස්සේ යොමු කළ ඡායාරූප සමග නිරුවත් ඡායාරූපයක්ද තිබීම හේතුවෙන් අදාළ ඡායාරූප ශිල්පියා මහනුවර පොලිසියේ පරිගණක අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.
අදාළ කාන්තාව කළ පැමිණිල්ලකට අනුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
ඡායාරූප ශිල්පියා පවසා ඇත්තේ, කේක් ප්‍රදර්ශනයේ ඡායාරූප සමග මෙම නිරුවත් ඡායාරූපය අත්වැරදීමකින් අදාළ කාන්තාව වෙත යොමු වූ බවයි.
මේ අනුව, 66 හැවිරිදි එම ඡායාරූප ශිල්පියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.