ආපදාවට ලක්වූවන්ට තවත් දීමනාවක් - හෙක්ටයාරයකට ලක්ෂ 4ක දීමනාවක්

Report

අද දින කැබිනට් තීරණ ඔස්සේ ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අයහපත් කාලගුණික තත්ත්වය නිසා පැන නැගුණු හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් කෙටිකාලීන වගාවන් සඳහා ගොවීන්ට සහන සැලසීම පිණිස අවශ්‍ය අයවැය චක්‍රලේඛ අංක 08/2025 සහ 08/2025 (i) මගින් මේ වන විට නිකුත් කර තිබේ.

මිලියන 10 ක් දක්වා නිවාස ණය - මෙන්න විස්තරේ

මිලියන 10 ක් දක්වා නිවාස ණය - මෙන්න විස්තරේ

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට රජය විසින් අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආර්ථිකමය වැදගත්කම සැලකිල්ලට ගෙන ආපදාවෙන් හානි වූ දිගුකාලීන අපනයන කෘෂි බෝග නැවත වගා කිරීම සඳහාද සහන සැලසීම සඳහාද අවධානය යොමු කරනා බවයි.

මෙම කැබිනට් තීරණයට අනුව ආපදාවෙන් හානි වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා හෙක්ටයාරයකට රුපියල් 425,000ක දීමනාවක් එම වගාවන්හී නිතර ගොවීන්ට ගෙවීම සඳහාත් එම වගාවන් හී පාළු සිටුවීමට සහ නැවත වගාවට අවශ්‍ය පැළ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩසටහන් මගින් නොමිලයේ ලබා දීම සඳහාත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රතු නිවේදන - වහාම ඉවත්වන්න - ඉදිරි පැය 24 අවදානම්

රතු නිවේදන - වහාම ඉවත්වන්න - ඉදිරි පැය 24 අවදානම්