විදුලිබල අර්බුදය වැළැක්වීමට හදිසි ගල් අඟුරු මිලදී ගැනීමට අනුමැතිය

Report

ඉදිරි මාසවලදී ඇති විය හැකි බලශක්ති අර්බුදයක් වළක්වා ගැනීම සඳහා ලක්විජය බලාගාරයට හදිසි ගල් අඟුරු මිලදී ගැනීමකට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ආරංචි මාර්ග සඳහන් කරයි.

දකුණු අප්‍රිකාවෙන් මිලදී ගත් ගල් අඟුරු තොග ගුණාත්මක පරීක්ෂණවලින් අසමත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, මැයි මාසයේ මෝසම් වැසි ආරම්භ වීමට පෙර ප්‍රමාණවත් ගල් අඟුරු සැපයුම් සුරක්ෂිත කළ නොහැකි වුවහොත් විදුලි අර්බුදයක් ඇති වීමේ අවදානමක් පවතින බව ආරංචි මාර්ග පවසයි.

මෝසම් වැසි ආරම්භ වූ පසු ගල් අඟුරු ගොඩබෑම දුෂ්කර වන බැවින්, මෙම හදිසි මිලදී ගැනීම අත්‍යවශ්‍ය බව බලශක්ති අමාත්‍යාංශ නිලධාරියෙකු පැවසීය.

“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි

“මාවයි අම්මවයි හිරේ දාලා මේවා වහන්න බැහැ, වහගන්න හිතනවා නම් ඉතින් කරලා බලමුකෝ"- නාමල් ආණ්ඩුවේ රෙදි ගලවයි

“අවශ්‍යතාවක් ඇති වුවහොත් හදිසි මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. එසේ නොමැති වුණොත්, බලශක්ති අර්බුදයක් ඇති වීමේ හැකියාවක් තිබෙනවා” එම නිලධාරියා සඳහන් කළා.

හදිසි මිලදී ගැනීම්වලට අමතරව, ගල් අඟුරු මිලදී ගැනීම්වල දිගුකාලීන අඛණ්ඩතාව සහතික කිරීම සඳහා රජය කාලීන ටෙන්ඩරයක් ද දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

දකුණු අප්‍රිකානු ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක තොගයේ සාම්පල ගුණාත්මක පරීක්ෂණවලින් අසමත් වීමත් සමඟ මෙම ගැටලුව ඇති වී තිබෙනවා. ගල් අඟුරු තොග 23ක් ලැබීමට නියමිත අතර, ඉන් නවයක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

‘කුඩු’ රියැදුරන්ට දැඩි පියවර - අල්ලන නිලධාරියකුට දහදාහක්

‘කුඩු’ රියැදුරන්ට දැඩි පියවර - අල්ලන නිලධාරියකුට දහදාහක්

පළමු නෞකාවේ ගල් අඟුරු තොගය ගුණාත්මක පරීක්ෂණයෙන් අසමත් වූ පසු, අනෙකුත් තොග ද පරීක්ෂාවට භාජනය කරමින් තිබෙනවා. පළමු තොගයට ඇමරිකානු ඩොලර් මිලියන 2ක දඩයක් රජය දැනටමත් පනවා ඇති අතර, දෙවැනි තොගය සඳහා තත්ත්ව පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතිනවා.

මෙම ගල් අඟුරු ටෙන්ඩරය දූෂණ චෝදනා යටතේ ද පරීක්ෂාවට ලක්ව ඇති අතර, දකුණු අප්‍රිකානු ගල් අඟුරු ආනයනය කළ ඉන්දියානු සමාගමකට පහසුකම් සැලසීම සඳහා ටෙන්ඩර් කොන්දේසි වෙනස් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. ටෙන්ඩරය සඳහා කාල සීමාව දින 42ක සිට දින 21 දක්වා කෙටි කර ඇති බවත් එම චෝදනාවල සඳහන් වෙනවා.

දවසේ පලාපල - අද යන එන ගමන් බිමන් වියදම් වැඩි කරන ලග්න ටික මෙන්න

දවසේ පලාපල - අද යන එන ගමන් බිමන් වියදම් වැඩි කරන ලග්න ටික මෙන්න