මේ බෙහෙත් නිසා ඇස් පේන්නේ නැති වුණාද.. එක් රෝගියෙකුට මිලියනයක් බැගින් වන්දි දීමට කැබිනට් අනුමැතිය
අක්ෂි සැත්කම්වලින් අනතුරුව ප්‍රෙඩ්නිසිලෝන් ඇසිටේට් ඖෂධ්‍ය ලබා දීමෙන් පසු පෙනීම අහිමි වූ රෝගීන්ට වන්දි ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව තීරණය කර ඇත්තේ එක් රෝගියෙකුට රුපියල් මිලියනයක් බැගින් වන සේ වන්දි ලබා දීමටයි. ඉකුත් 2023-03-03 සහ එම වසරේම මැයි මස 16 වැනි දින අතර කාලය තුළ එම ඖෂධය භාවිත කිරීම නිසා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම්වලට භාජනය වූ රෝගීන් කිහිප දෙනෙකුගේ පෙනීම අහිමි වී හෝ තවදුරටත් දුර්වල වීමේ සිදුවීම් වාර්තා විය.
එබැවින් ඒ සම්බන්ධයෙන් පැවැති විමර්ශනයක ප්‍රතිඵල මත පදනම්ව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේහි අක්ෂි ශල්‍යකර්මයන්ට බඳුන් වීමෙන් පසු දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනෙකු සඳහා මේ වන විට වන්දි ලබා දී තිබෙනවා.
එමෙන්ම අදාළ කාලය තුළදීම නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල හැර සෙසු රෝහල්වල අක්ෂි සැත්කම්වලට භාජනය වීමේදී එම ඖෂධය භාවිත කිරීම නිසා අක්ෂි ආබාධයන්ට ලක්වී ඇති රෝගීන් සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා කිරීම පිණිස පත් කරන ලද තාක්ෂණික කමිටුව මඟින් අන්ධභාවයට පත් තවත් රෝගීන් 04 දෙනෙකු සඳහා වන්දි ලබා දීමට නිර්දේශ කර ඇත.
එබැවින් එකී රෝගීන් සිව්දෙනා සඳහා එක් රෝගියෙකුට රුපියල් මිලියනයක් බැගින් ලෙස වන්දි ලබා දීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින්.