රජයේ නිලධාරීන්ට රු. 15,000 දක්වා වැඩි දීමනාවක්

Report

රජයේ නිලධාරීන්ට ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල රුපියල් 10,000 සිට රුපියල් 15,000 දක්වා වැඩි කිරීම සඳහා ආයතන සංග්‍රහයට සංශෝධනයක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මෙම සංශෝධනය හරහා, තෛපොංගල් රාමසාන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙසක් දීපවාලි නත්තල් ඇතුළු ප්‍රධාන ආගමික හා සංස්කෘතික උත්සව සඳහා ශ්‍රී පාද හා හජ් වැනි වන්දනා ගමන් සඳහා නිලධාරීන්ට ලැබෙන අත්තිකාරම් මුදල රු. 15,000 දක්වා ඉහළ නංවා ඇත.

වත්මන් ක්‍රමය යටතේ මෙම මුදල මාසික වාරික අටකින් (පොලී රහිතව) අයකර ගැනීම සිදු වුවද, කලින් ආපසු ගෙවීමට ද අවස්ථාව ඇත. නව සංශෝධිත විධිවිධාන පිළිබඳ චක්‍රලේඛ උපදෙස් ඉක්මනින් නිකුත් කිරීමට නියමිතය.

මෙම වැඩිදියුණු කිරීම 2026 අයවැය යෝජනාවල කොටසක් ලෙස ඉදිරිපත් වූ අතර, අදාළ චක්‍රලේඛ නිකුත් වූ පසු එය ක්‍රියාත්මක වනු ඇත.