මිලියන 699ක වැඩකට කැබිනට් අනුමැතිය
මහනුවර - යාපනය මාර්ගයේ මහයියාව දුම්රිය මාර්ගයට යටින් කොන්ක්‍රීට් යටිබිම් පාලමක් ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 699.58ක (බදු රහිත) මුදලක් වෙන්කර තිබෙනවා.
ඒ අනුව මෙම කොන්ක්‍රීට් යටිබිම් පාලම ඉදිකිරීමේ ප්‍රසම්පාදනය සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත. ඒ වෙනුවෙන් ලංසු 03 ක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
එකී ලංසු ඇගයීමෙන් පසුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව M/s. NEV. Construction (Pvt) Ltd වෙත රුපියල් මිලියන 699.58ක (බදු රහිත) මුදලකට පිරිනැමීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.