නව විභාග කොමසාරිස් ජනරාල් පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය

Report

නව විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියව පත් කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ 2025 මැයි 06 වන දා සිට විභාග කොමසාරිස් ජනරාල් ලෙස රාජකාරි කළ එච්. ජේ. එම්. සී. ඒ. ජයසුන්දර මහතාගේ සේවා කාලය අවසන් වීමත් සමඟයි.

අම්ෂිකාට යුක්තිය ඉල්ලා ජනතාව පාරට බසී - මාර්ග රැසක් අවහිර වේ (PHOTO) (VIDEO)

අම්ෂිකාට යුක්තිය ඉල්ලා ජනතාව පාරට බසී - මාර්ග රැසක් අවහිර වේ (PHOTO) (VIDEO)

ඒ අනුව එම තනතුර සදහා සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියව පත් කර ඇති බව සදහන් වෙයි.

සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මේ වන විට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක්.

ඩීල් ඇරඹෙයි... තනි මන්ත‍්‍රීලාට අධික ඉල්ලුමක්.. ලොකු වටිනාකමක්..

ඩීල් ඇරඹෙයි... තනි මන්ත‍්‍රීලාට අධික ඉල්ලුමක්.. ලොකු වටිනාකමක්..

ඒ අනුව පුරප්පාඩු වී ඇති විභාග කොමසාරිස් ජනරාල් තනතුරට දැනට ඒ. කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මියව වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම සදහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමි වී තිබෙනවා.