දිවයින පුරා විශේෂ වැටලීමක් - වගකිවයුතු ආයතන එක් වී සිදු කරන දැවැන්ත මෙහෙයුමක්

Report

භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් මාලාවක් දියත් කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 20 වැනි දින සිට ඊයේ (24) දින දක්වා ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, අම්පාර, මඩකලපුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, මොනරාගල, ත්‍රිකුණාමලය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව ඇතුළු දිස්ත්‍රික්ක රැසක් ආවරණය කරමින් සිදුකළ මෙම වැටලීම්වලදී නීති උල්ලංඝනය කිරීම් 200කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

පාරිභෝගිකයින්ට භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඒවායේ මිල ගණන් පැහැදිලිව දැනගැනීමට අවස්ථාව සැලසීම, වෙළෙඳපොළේ මිල විනිවිදභාවය තහවුරු කිරීම සහ අසාධාරණ වෙළෙඳ ක්‍රියාකාරකම් වැළැක්වීම මෙම වැටලීම්වල ප්‍රධාන අරමුණයි.

“මුදල් දීලා කටඋත්තර ගන්න හැදුවා” - කාවන්තිස්ස හස්තියාගේ සිද්ධිය ගැන ගම්වාසීන්ගෙන් චෝදනාවක්

“මුදල් දීලා කටඋත්තර ගන්න හැදුවා” - කාවන්තිස්ස හස්තියාගේ සිද්ධිය ගැන ගම්වාසීන්ගෙන් චෝදනාවක්

මෙහිදී සහල්, සීනි, පරිප්පු, එළවළු, පලතුරු, තිරිඟු පිටි, බේකරි නිෂ්පාදන, කෙටි ආහාර, රෙදිපිළි, විදුලි උපකරණ සහ ජංගම දුරකථන උපාංග අලෙවි කරන ස්ථාන පරීක්ෂාවට ලක්කළ අතර, තිරිඟු පිටි තොග තත්ත්වය පිළිබඳවද විශේෂ විමර්ශන පවත්වා ඇත.

නීති උල්ලංඝනය කළ අදාළ වෙළෙඳ ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, ඇතැම් සිදුවීම් සඳහා මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

ගෑස් ගන්න බලාගෙන ඉන්න අයට සුබ ආරංචියක් - ලිට්‍රෝ වෙතින් දැවැන්ත තීරණයක්

ගෑස් ගන්න බලාගෙන ඉන්න අයට සුබ ආරංචියක් - ලිට්‍රෝ වෙතින් දැවැන්ත තීරණයක්